Wednesday, December 23, 2015

සල්ලි දීල ගන්න ඕන Apps නොමිලේම බාගමු.(For windows phone)



ඔන්න අද ගෙනාවෙ Windows phone පාවිච්චි කරන අයට ගොඩක් වටිනම ට්‍රික්ස් එකක්.එහෙනම් වැඩි කතා නැතිව බලමුකො මේක මොකද්ද කියල.

ගොඩක් වෙලාවට Android,Windows වගේ phone වලට හදල තියෙන සමහර ඇප්ස් අපි සල්ලි ගෙවලයි ගන්න ඕන.ඒත් අද මම කියන්න යන්නෙ ඒ ඇප්ස් ෆ්‍රී ගන්න විදිහක්.හැබැයි මේ විදිහට නොමිලේ ඇප්ස් ගන්න පුලුවන් වෙන්නෙ Windows phone වල විතරයි.Android phone තියෙන අය දුක් වෙන්න එපා ඉතින්.එයාලටත් මම ෆ්‍රී ගන්න පුලුවන් ඇප් එකක් හොයල දෙන්නම්කො.

මේ ඇප් එකේ නම තමයි myAppFree. මේකත් අපිට නොමිලේ දෙන ඇප් එකක්.මුලින්ම පහළින් ඒක බාගන්නකො.





මේකෙදි මෙහෙමයි වෙන්නෙ.මෙයාල කරන්නෙ ඇප් හදන අයගෙ ඇප් ප්‍රසිද්ධ කරන එක.ඒ කිව්වෙ Promote කරන එක.ඉතින් ඒ හින්ද මේ ඇප්ස් හදන අය අපිට ඇප්ස් දවසක් විතරක් නොමිලේ දෙනව.හැබැයි ලිමිට් එකකුත් තියෙනව.දවසට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් සල්ලි වලට දෙන ඇප්ස් 5ක් විතරයි.ලෝකෙ මිනිස්සු මිලියන ගානක් දැනට මේක පාවිච්චි කරනව.කරල බලන්නකො.එහෙනම් මම කැපුනා.

මේ පෝස්ට් එකෙන් ඔයාල ප්‍රෙයා්ජනයක් ගත්තනම් කමෙන්ට් එකකුත් දාල පුලුවන්නම් ශෙයා පාරකුත් දාල යන්න.

No comments:

Post a Comment

ඔයාලගෙ වටිනා අදහස් පහළින් කොටල යන්න